Home News Breaking අපදා තත්වයෙන් මියගිය ගණන තවත් වැඩිවෙයි

අපදා තත්වයෙන් මියගිය ගණන තවත් වැඩිවෙයි

199 views
SHARE

දිවයිනේ දිස්ත්‍රික්ක 15 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එකසිය විසි දෙදෙනෙකු මියගොස් තවත් 97 දෙනෙකු අතුරුදන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුරය, කෑගල්ල, ගම්පහ, මහනුවර, නුවරඑලිය, මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම දිස්ත්‍රික්ක 15 තුල, පවුල් එක්ලක්ෂ 5,956 ක පුද්ගලයින් හාර ලක්ෂ 15,618 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, කැළණි ගඟ ආශ්‍රිත පහත්බිම් රැසක් මේ වනවිට ජලයෙන් යට වී තිබෙනවා.

කොළොන්නාව, කැළණිය, බියගම, පාදුක්ක, හංවැල්ල, දොම්පේ, මල්වාන, අවිස්සාවේල්ල මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

කැලණි ගඟ පිටාර ගැලීමත් සමඟ මේ වනවිට ඇතැම් ස්ථානවල ජල මට්ටම අඩි 15 ක් පමණ වන බව ද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site