Home News Breaking ප්‍රභල අමාත්‍යවරු 4ක් මහින්ද සමඟ එක්වෙන ලකුණු

ප්‍රභල අමාත්‍යවරු 4ක් මහින්ද සමඟ එක්වෙන ලකුණු

8,918 views
SHARE

ඉදිරියේදී ඇතිවන තීරණාත්මක අවස්‌ථාවකදී තම උපරිම සහයෝගය ලබාදෙන බව ආණ්‌ඩු පක්‍ෂයේ අමාත්‍යවරු හතර දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවී ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

මෙම හමුව පසුගිය සතියේ අවස්‌ථා තුනකදී සිදුවූ බවයි ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ.

එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරු පිරිසක්‌ මෙලෙස වරින් වර මහින්ද රාජපක්‍ෂ හමුවී සාකච්ඡා කළ බව ඔහු කියා සිටියා.

පසුගියදා සිදුකළ ඇමැති මණ්‌ඩල සංශෝධනයට අයත්වූ අමාත්‍යවරු කිහිප දෙනකු හා තවත් අමාත්‍යවරු පිරිසක්‌ හිටපු ජනාධිපතිවරයා හමුවූ පිරිස අතර සිටින බවයිඑම ප්‍රකාශකයා කියා සිටියේ.

සම්මුතික ආණ්‌ඩුවේ ගිවිසුම්ගත වසර දෙක ලබන අගෝස්‌තු මාසයෙන් අවසන් වන බැවින් ඒ වනවිට තම තීරණය ගැනීම සඳහා තවත් අමාත්‍යවරුන් පිරිසක්‌ සූදානමින් සිටින බවද ඒකාබද්ධ විපක්‍ෂයේ එම ප්‍රකාශකයා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site