Home News Breaking නිල්වලා හා ගිං ගඟ ආශ‍්‍රිත ප්‍රදේශ වල අලුත්ම තත්ත්වය මෙන්න PHOTOS

නිල්වලා හා ගිං ගඟ ආශ‍්‍රිත ප්‍රදේශ වල අලුත්ම තත්ත්වය මෙන්න PHOTOS

602 views
SHARE

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය මේ වනවිට තරමක් පහව ගොස් තිබුණ ද කළුගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකත් ගිංගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකත් ගංවතුර අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

විශේෂයෙන් නිල්වලා ගඟආශ‍්‍රිත ගංවතුර තත්ත්වය ඉහළ යාම නිසා අකුරැස්ස මාතර අතර ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. මාතර නිල්වලා ගඟේ බැම්ම පුපුරා යාමේ අවදානමක් පවතින බැවින් එම අවට ප‍්‍රදේශවල ජනතාව පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මාතර නගරයේ මහානාම පාලමේ ජල මට්ටම බෙහෙවින් ඉහළ නැග ඇති අතර නිල්වලා ගඟආශ‍්‍රිත පිටබැද්දර, පාලටුගම යන ස්ථානයන් හි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සවිකොට ඇති ජල මාපක පවා ගංවතුරෙන් යට වී තිබෙනවා.

මාතර නිල්වලා ගඟේ බැම්ම සම්බන්ධ මෙම අවදානම් තත්ත්වය නිසා ගබඩා වීදිය, වෙලේවත්ත, ගොඩගම, හිත්තැටිය, මාලිම්බඩ, සිරිපනාගොඩ, මදුරු දූව, පරගහතොට, තුඩාව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් මෙම ගංවතුර අවදානමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ගිංගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා බද්දේගම වේල්ල කැඩී යාමේ අවදානමක් පවතින බැවින් බද්දේගම නගර වාසීන්ට ඉන් ඉවත්වන මෙන් දැනුම් දී තිබෙනවා. මෙම වේල්ල ආරක්ෂා කර ගැනීම සඳහා බද්දේගම ගිංගඟ හරහා ඇති පාලමක් කඩා ඉවත් කිරීමටත් වේල්ලේ ආරක්ෂාව සඳහා වැලි කොට්ට රැද වීමටත් කටයුතු යොදා තිබෙනවා. මේ වන විට නාවුක හමුදා වල පිරිස් ඒ කටයුතු වල යෙදී සිටින බවත් සඳහන්.

බද්දෙගම නගරය හා පරණ නගරය වෙන් කෙරෙන ගිංගග වෙල්ලේ සිදුවෙමින් පවතින ජල කාන්දුව නිසා ඒම පුදේශයට මහජනයාමට යාමට තහනම් කර තිබෙන අයුරුද දක්නට ලැබුණා.

ඉතිහාසයෙ පළමු වරට බද්දේගම හල්පාතොට පරණ පාලමටත් උඩින් වතුර ගලා යෑම නිසා පාලම පුපුරවා හැරීමට වජිර අබේවර්ධන නියෝග කලද ප්‍රදේශවාසින්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site