Home News Breaking සහන අවසන් වන තෙක් වාහන මිලදී ගැනීමක් නෑ

සහන අවසන් වන තෙක් වාහන මිලදී ගැනීමක් නෑ

264 views
SHARE

ජනතාවට සහන ලබාදී අවසන් වන තෙක් රජයට නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එසේම මැති ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට දෙන විශේෂ පහසුකම් මෙම කාලසීමාවේදී නවතා දමා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ගංවතුරින් හා විවිධ ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස ගොඩනැගීම සඳහා රුපියල් ලක්ෂ 20 දක්වා වූ ආධාර මුදලක් ලබාදීමට රජය තීන්දු කර ඇතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.

එමෙන්ම හදිසි ආපදාවකින් මියගිය පුද්ගලයෙකුට මීට පෙර ලබාදුන් රුපියල් 15000ක මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කරන බවද අමාත්‍යවරයා හම්බන්තොටදී ප්‍රකාශ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site