Home News Breaking තාමත් ජලයෙන් යටවූ මාර්ග මෙන්න

තාමත් ජලයෙන් යටවූ මාර්ග මෙන්න

231 views
SHARE

පැවති අධික වර්ෂාවත් සමග ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේනවා .

රත්නපුර දිස්ත්‍රීක්කයේ රත්නපුර – කලවාන, රත්නපුර – පානදුර, රත්නපුර – පලාවෙල මාර්ග ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම කුරුවිට – ගොකරැල්ල , කලවාන – රත්නපුර, කලවාන – පොතුපිටිය, කලවාන – මතුගම, ඇහැළියගොඩ – එල්ලාවල, පොතුපිටිය – රක්වාන , කොළොන්න – දෙනියාය, නිවිතිගල – කලවාන, කිරිඇල්ල – පානදුර යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බැවින් රථවාහන ගමනා ගමනය ඇණ හිට තිබේ.

කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර – කෙත්හේන, බදුරලිය – අත්වැල්තොට, බුලත්සිංහල – බදුරලිය, කළවැල්ලාව – තෙබුවන, මතුගම – කළුතර, වැලිපැන්න – අලුත්ගම, අලුත්ගම – මතුගම, කළුතර – හොරණ, තෙබුවන – නෑබඩ යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.

ගාල්ල දිස්ත්‍රීක්කයේ නෙළුව – දෙල්ලව, නෙළුව – උඩුගම, නෙළුව – පැලවත්ත, උඩුගම – බද්දේගම, වඳුරඹ – මාපලගම, වඳුරඹ – යක්කලමුල්ල, වඳුරඹ – බද්දේගම, පෝද්දල – බද්දේගම, වක්වැල්ල – ගිංතොට, හිනිදුම – නෙළුව, හිනිදුම – උඩුගම, හිනිදුම – අකුරැස්ස යන මාර්ග ජලයෙන් යටවී තිබේ.

මාතර – අකුරැස්ස , මාතර – කඹුරුපිටිය යන මාර්ග ජලයෙන් යටවී ඇති අතර තංගල්ල – වීරකැටිය මාර්ගය ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කැලණිය පොලිස් කොට්ඨාශයේ බියගම – කඩුවෙල, බියගම – කොළඹ යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව සඳහන්ය.

පාදුක්ක – හංවැල්ල මාර්ගය, පාදුක්ක ඉංගිරිය මාර්ගය, කළුඅග්ගල – ලබුගම මාර්ගය , පහත්ගම – දිද්දෙනිය මාර්ගය, කඩුවෙල – හෝමාගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site