Home News International චීන රජයෙන් ලංකාවට එවූ විශේෂ නිවේදනය

චීන රජයෙන් ලංකාවට එවූ විශේෂ නිවේදනය

725 views
SHARE

අමෙරිකානු ඩොලර් මිලියන 22ක කඩිනම් ගංවතුර ආධාර, ශ්‍රී ලංකාවට ලබාදෙන බව චීනය නිවේදනය කර තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පින් හා අග්‍රාමාත්‍ය ලී කවෑංග් ගංවතුර විපතට පත් ජනතාවට සිය සංවේගය පළකර ඇතිතේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යවරයාට එවූ ශෝක පණිවුඩ මගින්.

චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශෝක පණිඩුවයක් එවමින් සිය ශෝකය පළකර තිබෙනවා. ශ්‍රී ලාංකීය ජනතාව පීඩවට පත්ව ඇති ආපදා තත්වය චීන ජනතාවට ද එලෙසම දැනෙන බවයි, චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ

ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කර තිබෙනවා. කඩිනම් මානුෂීය ආපදා සහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 22ක ආධාර පිරිනමන බව චීන රජය ඊයේ නිවේදන කළා.

අදාළ බ්ලැක්නට්, කූඩාරම්, ආරක්ෂක කබා ඇතුලත් ආධාර තොගය විශේෂ ගුවන් යානයකින් කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි.
මේ අතර, චීන රතුකුරුස සමාජය අමෙරිකානු ඩොලර් ලක්ෂයක මූල්‍ය ආධාර මෙරට රතුකුරුස සමාජය පිරිනමා තිබෙනවා.