Home C Gossip “සලකනවා මදි බන් උඹලට” – කතා නොකරනම කොටසක් ගැන හද පාරවන දසුනක්...

“සලකනවා මදි බන් උඹලට” – කතා නොකරනම කොටසක් ගැන හද පාරවන දසුනක් PHOTOS

460 views
SHARE

ආපදාවට පත් ශ්‍රීලාංකීකයින් මුදවා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය ආධාර සැපයීම සඳහා යුධ, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක සේවා බලකා වල සාමාජිකයින් විසින් කරනු ලබන මෙහෙවර ඉතා විශාලයි.

එම ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් බහුතරයක් කුසට අහරක් නොමැතිව මෙම මෙහෙයුම් වල යෙදී සිටින අතර බොහෝ දෙනෙකු එකම සපත්තු, නිල ඇදුම් සහ යට ඇදුම් සහිතව වතුරේ වැඩි කාලයක් සිටීම නිසා විවිධ චර්ම රෝග වලට පවා ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනතාවට ආධාර ලබා දෙනවා මෙන්ම එම කටයුතු වල නියැලී සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ටද ආහාර ලබා දෙන මෙන් ඉල්ලමින් පළකල ෆේස්බුක් සටහනක් මේ වන විට සමාජජාල තුල වේගයෙන් සංසරණය වනවා.

එම සටහන පහතින්.

පවතින ආපදා තත්ත්වයෙන් ජනතාවගේ දිවි බේරා ගැනීමට දින තුනක් තිස්සේ දිවා රෑ නොබලා මහ ජල කඳ හා පොරබදමින් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළුණු සමුදා සාමාජිකයින් මාතර නගරයේ පදික වේදිකාවක අද (29) අළුයම විරාමයක් ලබාගෙන සිටි අයුරු දැක්වෙන මේ දසුන කාගේත් නෙතට කඳුලක් එක් කිරීමට සමත් වනු නොඅනුමානයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site