Home C Gossip ලොවක් පිනවූ සුපිරි යතුරු පැදි ධාවන ශූර වෙඩිසිංහ දිවියෙන් සමු ගනියි

ලොවක් පිනවූ සුපිරි යතුරු පැදි ධාවන ශූර වෙඩිසිංහ දිවියෙන් සමු ගනියි

773 views
SHARE

මෙරට මෙන්ම ජාත්‍යන්තර තරග ගණනාවක් ජයග්‍රහණය කිරීමට සමත්කම් දැක්වූ සුපිරි යතුරු පැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ අද පස්වරුවේ මියගිය බව වාර්තා වනවා.

අනතුරකට ලක්ව ඔහු මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී ඔහු මරණයට පත් වූ බව මහනුවර මහ රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක සඳහන් කළා.

පසුගිය අප්‍රේල් මස 24 වනදා නුවරඑළියේ පැවති මාර්ග ධාවන තරඟයේදී හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණු වෙඩිසිංහ මාසයකට අධික කාලයක් කෝමා තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.

නුවරඑළියේදී සිදුවූ අනතුරෙන් වෙඩිසිංහගේ කොන්ද ප්‍රදේශයට හානි සිදුව තිබූ අතර ඔහුගේ එක් පාදයක් බිඳි ගොස් තිබුණා.

එලෙස බරපතල තුවාල ලැබූ යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලැබුවත් ඔහුට පියවි සිහිය ලබා ගැනීමට නම් ජපානයේ රෝහලක විශේෂ ප්‍රතිකාරයක් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසා තිබුණා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබියදී වෙඩිසිංහ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site