Home News Breaking “මෝරා” දිවයිනෙන් යයි – පළාත් කිහිපයකට තද වැසි සමඟ සුළං

“මෝරා” දිවයිනෙන් යයි – පළාත් කිහිපයකට තද වැසි සමඟ සුළං

203 views
SHARE

“MORA” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අද දිවයිනේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහ සුළං තත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මිලි මීටර් 100 තද වැසි ඇති විය හැකි අතර උතුරු සහ උතුරු මැද පළාත් වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

MORA සුළි කුණාටුව අද දින බංගලාදේශයට ඇතුල්වීමෙන් අනතුරුව දුර්වල වී යනු ඇති බවට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට සිට තද වැසි ඇතිවීමේ හැකියාව අඩුවනු ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site