Home News Sports තරගය දකුණු අප්‍රිකාව දිනත්දී තරගාවලියේ ජය එංගලන්තෙට

තරගය දකුණු අප්‍රිකාව දිනත්දී තරගාවලියේ ජය එංගලන්තෙට

181 views
SHARE

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදී ඊයේ (29 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

කෙසේ වුවත් පළමු සහ දෙවැනි තරග ජයගෙන තිබීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට එංගලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 28.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 55 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ජේ. පී. ඩුමිනි (නොදැවී 28) සහ ඒ. බී. ඩිවිලියස් (නොදැවී 27) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රණය ඉක්මන් කළහ.

ආරම්භක පිතිකරුවන් වූ හෂීම් අම්ලා (55) සහ ක්වින්ටින් ඩි’කොක් (34) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 54 කදී වාර්තා වූ අම්ලාගේ 33 වැනි අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර පන්දු 39 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 31.1 තුළ ලකුණු 153 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කගිසෝ රබාඩා ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ කළේය. වේන් පානෙල් සහ කේෂව් මහරාජ් කඩුලු 3 බැගින් දවාගනිමින් එංගලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා රබාඩාට අනගි සහායක් දුන්හ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site