Home News Breaking SLFP සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – දයාසිරි

SLFP සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – දයාසිරි

192 views
SHARE

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුර සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පත් කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ අද(30) දිනයේ අදාළ පත්වීම සිදුකළ බවයි.

මේ වන විටත් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරනු ලබනවා.

මීට අමතරව දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සම කැබිනට් ප්‍රකාශකවරයෙකු ලෙස පත් කර ඇති බව සඳහන්.

ඒ අනුව හෙට(31) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සමඟ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ද සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site