Home News Breaking අහුන්ගල්ලේ වෙඩි තැබීම පාතාල කල්ලි අතර ගැටුමක් දැයි සැකයක්

අහුන්ගල්ලේ වෙඩි තැබීම පාතාල කල්ලි අතර ගැටුමක් දැයි සැකයක්

172 views
SHARE

අහුන්ගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පුද්ගලයෙකුට මරු කැඳවූ වෙඩි තැබීම පාතාල සාමාජිකයන් අතර සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට සැක කෙරෙනවා.

මෙලෙස මියගියේ වයස අවුරුදු 25 ක විවාහක අයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 6.30 ට පමණ මිතුරෙකුගේ නිවසක් අසල රැදී සිටි දේවමුණි ප්‍රියංජන සොයිසා නම් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ අහුංගල්ල – මුද්දරමුල්ල ප්‍රදේශයේදීයි.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කළත් ඔහු ඒ වනවිටත් මියගොස් තිබු බව පොලීසිය සඳහන් කළා.

වෙඩි තැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර කලක් තිස්සේ පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි සැක කරනවා.

අහුන්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site