Home News Breaking මාතර රොටුඹ කන්ද නාය යාමේ අවධානමක් – ආපදා හේතුවෙන් මියගිය ගණන ඉහළට

මාතර රොටුඹ කන්ද නාය යාමේ අවධානමක් – ආපදා හේතුවෙන් මියගිය ගණන ඉහළට

160 views
SHARE

පවතින ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 196 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 97 දෙනෙකු තවදුරටත් අතුරුදන් බවයි අපාදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කළේ.

දිස්ත්‍රික්ක 15 කට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්වූ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තැ පන්දහස ඉක්මවා තිබෙනවා.

අයහපත් කාළගුණයෙන් සහ ආපදා තත්වය හේතුවෙන් පවුල් 20907 කට අයත් පුද්ගලයින් 83224දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන 376ක මේ වනවිට රදවා සිටිනවා.

වැඩිම පිරිසක් අවතැන්ව සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 42975ක්.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම යන ප්‍රදේශ වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් එක් රැස් වූ ජලය තවමත් එලෙසම පවතින බවයි එම දිස්ත්‍රික් ලේකම්වරුන් කියා සිටියේ.

ජලයෙන් යටවීම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩංගොඩ සහ ගැලනිගම අතර කොටස ඊයේ යළි විවෘත කෙරුණා.

ඒ අනුව කඩවත සිට කොක්මාදුව දක්වා රථ වාහන ගමන් කළ හැකි අතර නිල්වලා පිවිසුම තවදුරටත් ජලය රැදී තිබීම හේතුවෙන් ගොඩගම පිවිසුම තවදුරටත් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මාතර – පස්ගොඩ – රොටුඹ කන්ද නාය යාමේ අවධානමක් හේතුවෙන් කන්ද අවට පවුල් 112ක් ඊයේ පස්වරුවේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවයි පස්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site