Home News International පැනමාවේ හිටපු හමුදා පාලක ජනරාල් නොරීගා අභාවප්‍රාප්ත වෙයි

පැනමාවේ හිටපු හමුදා පාලක ජනරාල් නොරීගා අභාවප්‍රාප්ත වෙයි

171 views
SHARE

පැනමාවේ හිටපු හමුදා පාලක ජනරාල් මැනුවෙල් නොරීගා (Manuel Noriega) අභාවප්‍රාප්ත වුණා.

හිටපු හමුදා පාලකයා පැනමාවේ දී මරණයට පත් වූ බවට මේ වනවිට නිල නිවේදනය නිකුත් කර තිබෙනවා.
මියයනවිට ඔහු 83 වැනි වියේ පසුවුණා.

ලතින් ඇමෙරිකානු කලාපයේ සිටි ප්‍රබල ඇමෙරිකානු හිතවතකු වූ නොරීගා බලයෙන් නෙරපා හරින ලද්දේත් ඇමෙරිකානු බලධාරීන් විසිනි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් නොරීගාට එරෙහිව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසාවියක නඩු පවරනු ලැබීමෙන් පසුවයි වොෂිංටන් බලධාරීන් විසින් එම පියවර ගනු ලැබුවේ.

1989 වසරේ ඇමෙරිකානු හමුදා කණ්ඩායමක් පැනමාව ආක්‍රමණය කරමින් ජනරාල් නොරීගා අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයට ගෙනගිය අතර එය වියට්නාම් යුද්ධයෙන් පසු ඇමෙරිකාව සිදුකළ බරපතළම ආක්‍රමණය ලෙසයි සැලකෙන්නේ.
පැනමා ජනාධිපති ජුවාන් කාර්ලෝස් වරේලා (Juan Carlos Varela) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් “මැනුවෙල් නොරීගා ගේ අභාවයත් සමඟ පැනමා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් නිමවිනැයි”දන්වා සිටියා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site