Home News Breaking මෙන්න තවත් අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු

මෙන්න තවත් අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු

276 views
SHARE

රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

රන්ජන් රාමනායක සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කරුණාරත්න පරණවිතාන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන් බව වාර්තා වනවා.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ මීට පෙර කටයුතු කළ ලක්ෂ්මන් යාපා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පාලිත රංගේ බණ්ඩාර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වසන්ත සේනානායක විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site