Home News Breaking ශෂිගේ ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පතට ඇත්තටම වුනේ මොකක්ද ?

ශෂිගේ ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පතට ඇත්තටම වුනේ මොකක්ද ?

255 views
SHARE

ශෂි වීරවංශට එරෙහිව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට අදාළ නඩු දෙකකට අදාළ නඩු භාණ්ඩ වු ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථානගත වී ඇති බව මීන් පෙර හෙළි වු කරුණු අසත්‍ය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (31) සඳහන් කරනු ලැබුවා.

එම නඩු භාණ්ඩ සාමාන්‍යයෙන් නඩු භාණ්ඩ බන්ධනාගාර භාරකරු සන්තකයේ පවතින බවත් නඩු විභාගයේ දී නඩු භාණ්ඩ අවශ්‍ය වු විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාගෙන් ඉල්ලීමක් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කළා.

නමුත් පෙර නඩු දිනයේදි එලෙස ඔහුගෙන් ඉල්ලා නොමැති බවත් එම ඉල්ලීම කර ඇත්තේ කොළඹ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියගෙන් බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අතින් සිදුවු අතපසු වීමක් බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාර තුලින් මහජනතාව කෙරෙහි අධිකරණ පද්ධතිය තුළ ඇති විශ්වාසය පළුදු වන බවත් නැවත එම වරද සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site