Home News Breaking අදත් වැසි – රත්නපුර, කළුතර හා කෑගල්ලට තද වැසි

අදත් වැසි – රත්නපුර, කළුතර හා කෑගල්ලට තද වැසි

138 views
SHARE

අද දිනයේත් රත්නපුර, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, දකුණ, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට විටින්විට වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කියා සිටියේ.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 203 දෙනෙකු මියගොස් 96 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. පවුල් එක්ලක්ෂ 64,264 කට අයත් පුද්ගලයින් හයලක්ෂ 31,346 දෙනෙකුට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගං වතුර අවදානම් මට්මටමේ පැවති කැළණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර වාරිමාර්ග අධ්‍යක්‍ෂ ටී.පී. අල්විස් කියා සිටියා.

මේ අතර කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත පනවා තිබූ නායයෑමේ අවදානම අද පස්වරු එක දක්වා ක්‍රියාත්මකයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site