Home News Breaking සෞදියේ සේවය කල ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් නිසා නීති දැඩි වෙයි

සෞදියේ සේවය කල ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් නිසා නීති දැඩි වෙයි

283 views
SHARE

වකුගඩුවක් ලබා ගැනීම වෙනුවෙන් සෞදි අරාබියේ නිවසක රඳවාගෙන සිටියේ යැයි කියන ඩබ්ලිව් ඩබ්ලිව් ඉන්ද්‍ර කාන්ති ඊයේ (31) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි ඉන්ද්‍ර කාන්තිගේ වකුගඩු ලබා ගැනීමට උත්සාහ කෙළේ යැයි කියන සිද්ධිය පිළිබඳ වාර්තා පළ වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල එම කාන්තාව දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ඉන්ද්‍ර කාන්ති යු එල් 776 දරන ගුවන් යානයෙන් ඊයේ පෙරවරු 10-00 ට පමන දිවයිනට පැමිණියා. ඒ වන තෙක් ඉන්ද්‍රාකාන්ති රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි අතර, ඇයට හිමි මාසයක වැටුප සහ දිවයිනට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සඳහා මුදල් ද හාම්පුතා විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි ආරාබියේ ගෘහසේවිකාවක් ලෙස සේවය කරන අංක 28, නිවාස ඉදිරිපිට, 2 කණුව, කණ්ඩලම පාර, දඹුල්ල යන ලිපිනයේ පදිංචි ඩබ්.ඩබ්. ඉන්ද්‍රාකාන්තිගේ මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා සෞදි තානාපති කාර්යාල නිළධාරීන් රියාද් සිට කි.මී 475 දුර ගෙවා ඇය සේවය කරන නිවස පිහිටා තිබෙන දාරිහා පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කල අතර, කඩිනමින් ක්‍රියාත්මක වූ එම පොලිසීය අදාළ විමර්ශන සිදු කර තිබෙනවා.

එම විමර්ශන වලින් අනාවරණය වූයේ මෙම සේවිකාව අසත්‍ය චොදනා එල්ල කර ඇති බවයි. අනතුරුව මෙම ගෘහ සේවිකාව පොලිස් භාරයට ගැනීමට කටයුතු කල අතර සෞදි තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සිදුවූ අපහසුතාවය පිළිබඳව ඇය වෙනුවෙන් සමාව අයදීමෙන් අනතුරුව අදාල සේවිකාව නිදහස් කර තිබෙනවා.

තවද පොලිස් නිළධාරීන් තානාපති කාර්යාල නිළධාරීන්ට දන්වා ඇත්තේ මින් ඉදිරියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙන් විසින් සෞදි රජයට හෝ සෞදි ජානතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරවා හැරියහොත් වසර 05 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිර දඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් වන්නට සිදුවන බවයි.

&nbsp

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site