Home News Politics රාජ්‍යයන් 24කින් සහනාධාර සහ මූල්‍යාධාර ලබාදී තිබෙනවා – විදේශ කටයුතු ඇමති කියයි

රාජ්‍යයන් 24කින් සහනාධාර සහ මූල්‍යාධාර ලබාදී තිබෙනවා – විදේශ කටයුතු ඇමති කියයි

227 views
SHARE

ලෝකය තුළ ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත්කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ රට තුළ ඇතිවූ ආපදා තත්වය හමුවේ විපතට පත් ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබෙමින් පවතින බවයි.

විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ජපානය, චීනය, ඉන්දියාව, රුසියාව ඇතුළු ලොව ප්‍රධාන පෙලේ රටවල් 134ක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සහභාගී වී සිටි බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මසකට වරක් හමුවී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ සාකච්ඡා කිරීමට ද මෙහිදී එකඟතාවයකට පැමිණ තිබේ.

ආපදා තත්වය හමුවේ විපතට පත් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා දැනටමත් රාජ්‍යයන් 24කින් සහනාධාර සහ මූල්‍යාධාර ලබාදී ඇති බව රවී කරුණානායක අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site