Home News Business සම්පත් බැංකුවේ අලෙවි ප්‍රධානී නදී CIM UK හි අධ්‍යක්‌ෂක මණ්‌ඩලයට

සම්පත් බැංකුවේ අලෙවි ප්‍රධානී නදී CIM UK හි අධ්‍යක්‌ෂක මණ්‌ඩලයට

495 views
SHARE

එක්‌සත් රාජධානියේ Charted Institute of Marketing (UK) අධ්‍යක්‌ෂක මණ්‌ඩලය සඳහා 2017 ජනවාරි මසින් ඇරඹෙන අවුරුදු තුනක කාලයක්‌ සඳහා සම්පත් බැංකුවේ අලෙවි ප්‍රධානී නදී ධර්මසිරි CIM UK හි අධ්‍යක්‌ෂක මණ්‌ඩලයට තේරී පත් වී තිබෙනවා.

2017 ජනවාරි 26 වැනි දින එක්‌සත් රාජධානියේ බර්ක්‌ෂයර් මේඩන්හෙඩ් Moor Hall හිදී CIM UK සභාපති ජෙනී ඈෂ්මෝර් මුලසුන දැරූ Charted Institute of Marketing වාර්ෂික මහා සභා රැස්‌වීමේදී මේ පත්වීම නිවේදනය කරනු ලැබුවා.

CIM UK හි අධ්‍යක්‌ෂක මණ්‌ඩලය ජාත්‍යන්තර නියෝජිතයන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත වනවා. මේ වසර සඳහා එක්‌සත් රාජධානියේ සහ යුරෝපයේ පුරවැසියන් සඳහා තනතුරු හතරක්‌ සහ සෙසු ලෝකය නියෝජනය කිරීම සඳහා වන ජාත්‍යන්තර සාමාජිකයන් දෙදෙනාගෙන් එක්‌ අයෙකු සඳහා තනතුරක්‌ පුරප්පාඩු වී තිබෙනවා.

2016 දෙසැම්බර් 12 වැනිදා පවත්වන ලද CIM ජාත්‍යන්තර සාමාජිකයන්ගේ ඡන්දයේ ප්‍රතිඵල මත, නදී ධර්මසිරි මෙම තනතුර සදහා තේරී පත්වුණා.
මෙම ප්‍රතිඵලයත් සමග ඇය CIM ජාත්‍යන්තර සාමාජිකත්වයේ නියෝජිතයකු ලෙසද කටයුතු කරනු ඇති.

සම්පත් බැංකුවේ අලෙවි ප්‍රධානී නදී ධර්මසිරි CIM (UK) හි අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක්‌ මෙන්ම එහි වරලත් අලෙවිකරණ සාමාජිකත්වයද සහ අධි සාමාජිකත්වය දරන අතර ඇයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්‌ත්‍රපති (ගෞරව) උපාධියක්‌ මෙන්ම එහිම විධායක කළමනාකරණය පිළිබඳව අධි සහතිකයක්‌ද හිමියි.

ඇය CIM – ශ්‍රී ලංකා (CIMSLR) සභාපතිත්වය සඳහා 2012/13 කාලය වෙනුවෙන් තේරී පත්වුණා. එහිදී ඇය සිදු කළ සුවිශේෂීම කාර්යභාරය වූයේ CIMSLR හි සංස්‌කරණය කරන ලද කොන්දේසි ස්‌ථාපිත කිරීම සහ ජාත්‍යන්තර ක්‍රමවේද යටතේ නව ව්‍යාපාරික රටාවන් හඳුන්වාදීමයි.

CIM – ශ්‍රී ලංකාහි 2005 සිට 2014 දක්‌වා සාමාජිකත්වය දැරූ ඇය CIM UK හි අධ්‍යක්‌ෂක මණ්‌ඩලයෙහි වෘත්තීමය උපදේශන මණ්‌ඩලයෙහි සාමාජිකත්වය දැරුවේ තවත් අන්තර්ජාතික නියෝජිතයන් දෙදෙනෙක්‌ සඳහා පිරිනමන සුවිශේෂී අවස්‌ථාවක්‌ද හිමිකර ගනිමින්.

ඇය මේ වන විට Asian Customer Engagement Forum (ACEF) හි උපදේශක මණ්‌ඩල සාමාජිකත්වයක්‌ දරන අතර ශ්‍රී ලංකාවේ (International Advertising Association (IAA) හි අධ්‍යක්‌ෂකවරියක්‌ ලෙසින් 2012 සිට කටයුතු කරන අතර එහි පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ සුවිශේෂී දියුණුව වෙනුවෙන් විශාල දායකත්වයක්‌ දක්‌වන ලැබුවා.

ඇය 2010 – 2011 කාලය තුළ කළමනාකරණ පශාත් උපාධි ආයතනයෙහි විද්‍යාර්ථීන්ගේ සංගමයෙහි විධායක කමිටුවේ සාමාජිකාවක්‌ ලෙසද කටයුතු කළා.

Institute of Personnel Management (IPM) ys People Leaders’ Awards – 2014 සහ ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායක සම්මාන යන සම්මාන උළෙලවල විනිසුරු මඩුල්ලෙහි සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කර තිබෙනවා.

NCE Export Awards හි තාක්‌ෂණික කමිටු සාමාජිකාවක්‌ ලෙස සහ විනිසුරු මඩුලු සාමාජිකාවක්‌ ලෙසද ඇය 2014 සිට කටයුතු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site