Home C Gossip විවාහක සැමියාට වෙට්ටු දමා අනියම් පුරුෂයින්ගේ කම් සැප සෙවූ දෙදරු මවට අවසනදී...

විවාහක සැමියාට වෙට්ටු දමා අනියම් පුරුෂයින්ගේ කම් සැප සෙවූ දෙදරු මවට අවසනදී අත් වූ ඉරණම

7,028 views
SHARE

මාගල්ල කච්චුවත්ත විහාරස්ථානය අසල ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මාගල්ල ප්‍රදේශයේ පාලම අසළ පෙරේදා (30) සිදුවූ සාහසික පිහිඇනුම එහි CCTV වීඩියෝව හා ඡායාරූප සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍ර‍සිද්ධියට පත් වීමත් සමග කා අතරක් කතා බහට ලක්වුණා.

පිහි පහරට ලක්වූ කාන්තාව සිද්ධියෙන් මියගොස් තිබූ අතර තමා විසින්ම පපුවට එල්ල කර ගන්නා ලද පිහි පහරක් නිසා අදාල පුරුෂයාද ගාල්ල, කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලබන බව වාර්තා පළ කළා.

අසම්මත පෙම් පටලැවිල්ලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව තොරතුරු සොයා ගිය අපට දැන ගන්නට ලැබුණා.

වාර්තා වන ආකාරයට වදුරඹ, කීඹිය ප්‍රදේශයේ පදංචි 36 හැවිරිදි තමරා විජේතිලක නම් වූ මියගිය කාන්තාව දෙදරු මවක්. ඇයගේ විවාහක සැමියා යුද හමුදා සෙබලෙකු වන අතර ඔහු දැනට ගාල්ල, කොටුවේ ඇති යුද හමුදා කඳවුරෙහි සේවය කරන බවයි පැවසෙන්නේ.

ඇයට පිහි පහර එල්ල කල අනියම් සැමියා වූ ගාල්ල, ගල්වල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ලලිත් ප්‍රියංකර නමැත්තාද විවාහක දරුවන් සිටිනා පියෙක්.

කෙසේ හෝ අදාල කාන්තාව තමාගේ විවාහක සැමියාට හොරෙන් පිහි පහර එල්ල කල අනියම් සැමියාවූ ලලිත් නැමැත්තා සමග ඇසුරක් දිගු කලක් තිස්සේ පවත්වා තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ අනියම් ඇසුර ගැන විවාහක සැමියා වූ යුද හමුදා සෙබළා කිසවත් නොදැන සිට ඇති බවයි පැවසෙන්නේ. දරු දෙදෙනාට ආදරණීය පියෙකු වූ ඇයගේ නීත්‍යානුකූල සෙබළ ස්වාමියාට ඇයගේ පැටිකිරිය ගැන වටෙන් ගොඩින් ආරංචි ලැබුණද ඔහුට කටකතා වලට වඩා තමාගේ බිරිඳව විශ්වාස බැවින් ඒ පිළිබදව තැකීමක් කර නොමැති බවද වාර්තා වනවා.

සැමියාට හොරෙන් ලලිත් සමග අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන යන ගමන්ම එම කාන්තාව මීට ටික කලකට පෙර ඔහුට ද හොරෙන් වෙනත් පිරිමියෙකු සමගද තවත් අනියම් සම්බන්ධතාවයක් ආරම්භ කර කම්සැප විඳීමට පටන් ගෙන ඇත.

මෙම සිද්ධිය ගැන අනියම් සැමියා වූ ලලිත්ට ආරංචි වීමෙන් පසුව ඔහු එය නතර කිරීමට නොයෙකුත් උත්සාහ ගෙන තිබුණද ඉන් පලක් වී නොතිබූ බවයි වාර්තා වන්නේ.

කාන්තාව දිගින් දිගටම දෙවන අනියම් සැමියාගේ පහසම ලබන්නට වීමෙන් කෝප වූ පළමු අනියම් සැමියා වූ ලලිත් පෙරේදා (30) ගාල්ල, මාගාල්ල පාලම අසලදි මහ ජනතාව ඉදිරියේ පිහියෙන් ඇන ඇයව ඝාතනය කර ඔහුද එම පිහියෙන් ඇනගෙන තිබුණේ මට නැතිනම් එකෙක්ටවත් මේකි අයිති වෙන්නට නොතබන බව පවසමින්.

කිසිවක් නොදත් කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා මේ සිදුවීමෙන් පසුව දැඩි අපහසුතාවයකට පත්වී ඇති අතර ඇයගේ මෘත ශරීරය බාර ගැනීමද ප්‍ර‍තික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site