Home News Breaking ගුරුවරයෙකු පහරදුන් බව පවසා සිසුවෙකු වස බී ජිවිතක්ෂයට PHOTOS

ගුරුවරයෙකු පහරදුන් බව පවසා සිසුවෙකු වස බී ජිවිතක්ෂයට PHOTOS

290 views
SHARE

විද්‍යාලයේ ගුරුවරයෙකු පහරදුන් බව පවසා කනගරායන්කුලම, මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙකු ඊයේ(31) වස පානය කොට ජිවිතක්ෂයට පත්ව ඇති බැව් කනගරායන්කුලම ප‍්‍රදේශවාසීන් පවසයි.

කනගරායන්කුලම පොලිසිය පැවසූවේ කනගරායන්කුලම විද්‍යාලයේ අධ්‍යාපනය ලද ධර්මරාසා ජනර්තන් නමැති වයස අවුරුදු 17 ක දරුවෙකු වස පානය කොට ඊයේ(31) ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

පොලිසිය පැවසූවේ අදාළ දරුවාට ගුරුවරයෙකු පහරදීමක් හේතුවෙන් ඇති වු සිත්තැවුලක් මත දරුවා වස පානය කොට ජිවිතක්ෂයට පත්ව ඇති බව ප‍්‍රදේශවාසීන් පවසන බවයි.

වස පානය කළ දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කරනු ලැබුවද අදාළ අවස්ථාව වන විටත් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද(01) වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ පවත්වන බවයි.

දරුවාට ගුරුවරයෙකු පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site