Home News Breaking ආපදා තත්ත්වය නිසා පාසල් 146 කට හානි – වසා දැමුණු පාසල් යළි...

ආපදා තත්ත්වය නිසා පාසල් 146 කට හානි – වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමේ තීරණය අද

233 views
SHARE

ගංවතුර හා නාය යාම් හේතුවෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල පාසල් 146ක් හානියට පත්ව ඇති බවත්, පාසල් 77ක දැනට අවතැන් කඳවුරු පවත්වා ගෙන යන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

දැනට වාර්තාවී ඇති සිසු මරණ සංඛ්‍යාව 45ක් වන අතර, තවත් සිසුන් 8 දෙනකු අතුරුදන්ව තිබෙනවා.

සබරගමුව පළාතේ පාසල් 65ක් හානියට පත්ව තිබෙන අතර පාසල් 30ක අවතැන් කඳවුරු පවත්වා ගෙන යනු ලබනවා. එම පළාතේ සිදුව ඇති ශිෂ්‍ය මරණ සංඛ්‍යාව 18ක්.

දකුණු පළාතේ පාසල් 12ක අවතැන් කඳවුරු පවතින අතර, පාසල් 17කට හානි සිදුව තිබෙනවා. එහි ශිෂ්‍ය මරණ 10ක් වාර්තාවී ඇති අතර, තවත් 8 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි වන්නේ.

බස්නාහිර පළාතේ පාසල් 35ක අවතැන් කඳවුරු ඇති අතර එහි හානි සිදුවූ පාසල් සංඛ්‍යාව 64ක්. එම පළාතේ ශිෂ්‍ය මරණ 17ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ එම පාසල් යළි විවෘත කරන දිනය අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි.

කෙසේ වෙතත්, අපදාවන්ට ලක්වූ පාසැල් ගොඩනැගිලිවල තත්ත්ව සහතිකයක් ලබා දෙන තුරු එම පාසැල් නැවත ආරම්භ කිරිම සිදු නොකරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site