Home News Breaking ගං වතුරෙන් හානියට පත් පොත්පත් වේලන්නේ මෙහෙමයි

ගං වතුරෙන් හානියට පත් පොත්පත් වේලන්නේ මෙහෙමයි

203 views
SHARE

ගංවතුරට හසුව හානියට පත් පොත්පත් සහ වෙනත් ලියකියවිලි නැවත ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රවේශමෙන් යුතුව කටයුතු කළ යුතු බව ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ පෙන්වා දෙන්නේ තෙමුණු පොත්පත් කිසි විටකත් හිරු එළියෙන් වියළීම සිදු නොකළ යුතු බවයි.

පොත්පත් සහ ලේඛනවල මඩ සහ කුණු තැවරී ඇත්නම් පළමුව ඒවා ජලයෙන් සෝදා ඉවත් කළ යුතු බව ඇය සඳහන් කළා.

තෙමී ඇති පොත් සහ ලේඛන එකිනෙක ඇලීම වැළැක්වීම සඳහා පිටු අතරට වියළි කඩදාසි තැබිය යුතු බව සරෝජා වෙත්තසිංහ පෙන්වා දෙනවා.

අනතුරුව විදුලි පංකාවකින් හෝ වෙනත් ක්‍රමවේදයක් ආධාර කරගනිමින් පොත් දිගහැර තෙතමනය ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි ඇය සදහන් කළේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site