Home News Breaking පියාගේ දේහය වෙනුවෙන් මවට මිලක් නියම කල දියණිය

පියාගේ දේහය වෙනුවෙන් මවට මිලක් නියම කල දියණිය

492 views
SHARE

පසුගියදා හදිසියේම මිය බව කියන පුත්ගලයෙකුගේ දේහයට මියගිය පුද්ගලයාගේ බිරිද සහ දියණිය අතර ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් බෙන්තර ප්‍රදේශයෙන් වර්තාවනවා.

වරාවැව ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වී වෙනමම ජීවත්වන මියගිය පුද්ගලයාගේ දියණිය තම පියා අසනීපව රෝහල් ගතකර සිටීමෙන් පසු යලි තම නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ තම පියාව රැකබලා ගැනීමේ අරමුණින්ය.

එහෙත් 20 දින පියා හදිසියේම මිය ගොස්‌ ඇති අතර දියණිය මරණය සම්බන්ධයෙන් මවට හෝ පවුලේ ඥාතීන්ට කිසිදු දැනුම් දීමක්‌ නොකර අවසන් කටයුතු සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.

සිය සැමියා මියගොස්‌ ඇති බව දැනගත් බිරිඳ පවුලේ ඥාතීන් සමඟ වරාවැව දියණියගේ නිවසට 21දා පැමිණ සිය සැමියාගේ දේහය බෙන්තර නිවසට රැගෙන යැමට ඉල්ලා තිබේ.

මේ වන විට දියණිය අවමඟුල් කටයුතු සඳහා සුදානම් වී පාංශු කූලය සඳහා භික්‍ෂූන් වහන්සේටද ආරාධනා කොට තිබූ බව සදහන් අතර ඇය මවට පවසා ඇත්තේ මියගිය තම පියාගේ දේහය මවට භාරදීමට නම් අවමඟුල් කටයුතු සඳහා ගමේ අවමංගල්‍යාධාර සමිතියට රුපියල් 75,000 ක්‌ ලබාදී ඇති නිසා එම මුදල ලබාදුන හොත් පමණක්‌ දේහය ලබා දෙන බවයි.

පසුව මව මේ පිළිබඳව ගිරිබාව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව කිසිදු මුදලක්‌ ලබානොදී සැමියාගේ දේහය නීත්‍යානුකූලව හිමි මියගිය පුද්ගලයාගේ බිරිඳට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව දියණිය පොලිසියට පවසා ඇත්තේ රෝගාතුරව සිටි පියාට කිසිදු අයකු නොසැලකූ බවත්, පියාගේ විශ්‍රාම වැටුප ලබාගැනීමේ අරමුණින් පියා මියගිය පසු මව දේහය රැගෙන යැමට පැමිණි බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site