Home News Breaking රූපවාහිනි හිටපු සභාපතිවරුන් දෙදෙනකුට නඩු

රූපවාහිනි හිටපු සභාපතිවරුන් දෙදෙනකුට නඩු

198 views
SHARE

රජයට රුපියල් 34,54279ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා පහක් යටතේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම අද(02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා.

2014 දෙසැම්බර් 16 වැනිදා සිට 2015 ජනවාරි 15 දක්වා කාලයේ දී ජාතික රූපවාහිනියේ වැඩසටහන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මැදපෙරදිග හා යුරෝපා රටවලට වන් ශ්‍රී ලංකා නාලිකාව ඔස්සේ විකාශනය කිරීම සඳහා ඉතාලියේ නෝවා විෂන් සැටලයිට් නියෝජිත ආයතනයට ටෙන්ඩර් කැඳවීමකින් තොරව හෝ ගිවිසුමකින් තොරව ලබාදී තිබෙනවා.

මෙසේ නඩු පවරනු ලැබුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන චන්ද්‍රපාල ලියනගේ හා විමලසේන රූපසිංහ යන අයට එරෙහිවයි.

ඒ අනුව ඔවුනට ජූලි 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site