Home News Politics විපක්ෂය කියන කථා ඇසෙන විට තමන්ට සිනා යන බව අර්ජුන කියයි

විපක්ෂය කියන කථා ඇසෙන විට තමන්ට සිනා යන බව අර්ජුන කියයි

152 views
SHARE

ආපදා සහන සැලසීම ගැන විපක්ෂය කියන කථා ඇසෙන විට තමන්ට සිනා යන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කළුතර ආසනයේ ආපදාවට පත් වූවන්ට සහන සැලසීමේ විශේෂ කමිටුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (02) රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ආණ්ඩුව කරන හොඳ දේවල් ගැන විපක්ෂය කවදාවත් කථා කරන්නේ නෑනේ. විපක්ෂයට ඕන මේවත් විකුණගෙන කන්න. තව ගංවතුර එන ඒවයි භූමිකම්පා එන ඒවයි තමයි කථා කරන්නේ. ඒ වගේ පහත් තත්ත්වයකට විපක්ෂයේ ඇතැම් අය අද පත්වෙලා තියෙනවා. බලය නැති වුණාම ඇතැම් අය එවැනි පහත් තත්ත්වයකට පත් වීමත් පුදුමයක් නෙමයි. මම නම් ඕව අහන්නේවත්, බලන්නේවත් නෑ. ඕව අහන කොට මට නම් හිනා යනවා. අවුරුදු 10ක් බලයේ ඉඳලා කරන්න බැරි දේවල් තමයි ඒ අය කථා කරන්නේ. අද ආපදාවකදී රටක් හැටියට කුලමල, ජාතිභේද බලන්නේ නැතිව සියලු දෙනාම එක් වෙනවා. රාජ්‍ය නිලධාරීන් අද තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමා ආපදාවට පත් වූ ප්‍රදේශවල එක් එක් ආසනය සඳහා සංවිධායකවරුන් පත් කළේ එම කාර්ය තවත් වේගවත් කරන්න. ඇතැම් විට නිලධාරීන්ට රතු ඉරවල් පනින්න බැහැ. එවැනි අවස්ථාවලදී ඔවුන්ට සහාය වීම මේ සංවිධායකවරුන්ගෙන් අපේක්ෂා කරනවා. කළුතර ආසනයේදී ඒ කටයුත්ත පැවරිලා තියෙන්නේ මට. බොහෝ විට මේ ආසනයේ ගංවතුර මේ වන විට පහව ගොස් තියෙන්නේ. දැන් තමයි අමාරුම කාර්යය පටන් ගන්නේ. ඒ සඳහා මුහුණදීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.”

කමිටු රැස්වීමෙන් පසුව ආපදා සහන බෙදා දීමේ මධ්‍යස්ථානද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site