Home News Breaking කපා කොටා ඝාතනය කල ව්‍යාපාරිකයකුගේ සිරුරක් කැළෑ ප‍්‍රදේශයකින් හමුවෙයි

කපා කොටා ඝාතනය කල ව්‍යාපාරිකයකුගේ සිරුරක් කැළෑ ප‍්‍රදේශයකින් හමුවෙයි

156 views
SHARE

තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කළ ව්‍යාපාරිකයකුගේ සිරුරක් අද(02) දින වවුනියාව කායකන්කුලම කැළෑ ප‍්‍රදේශයක තිබී සොයාගත් බව බව වාර්තා වනවා.

සෙට්ටිකුලම- පූවර්සන්කුලම මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරින් කායකන්කුලම ප‍්‍රදේශයේ දී එම මළසිරුර සොයාගත් බවයි සෙට්ටිකුලම පොලිසිය පවසන්නේ.

ඊයේ (01) රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් ව්‍යාපාරිකයා පැහැර ගනු ලැබ වෙනත් ස්ථානයකදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර සිරුර අදාල කැළෑ ප‍්‍රදේශයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මේ වන තෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site