Home C Gossip සුසී ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දායි

සුසී ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දායි

649 views
SHARE

සුසන්තිකා ජයසිංහ ගැන නොදන්නා කෙනෙක් නෑ. “ආසියාවේ කළු වෙලඹ” කියූ සැනින් මතකෙට එන්නේ ඔලිම්පික් පදක්කම.

ඇය පුවත්පතකට කියූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගැන මේ දිනවල කසු කුසුවක් ඇතිවෙලා තියෙනවා.

එම සංවාදය පහතින්.

මේ දවස්වල පුහුණුකාරියක ලෙස සේවය කරනවා. වෙන විශේෂ දෙයක් නෑ. දරුවෝ දෙන්නගෙ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

දැන් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයක් නැද්ද?

මම ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් විදියට වැඩ කළානේ. නමුත් 2015 ජනවාරි ආණ්ඩු පෙරැළියත් එක්ක ඒ රස්සාව මට නැති වුණා.ඊට අවුරුද්දකට විතර පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට මට නැවත පත්වීමක් ලැබුණා. මට මාසෙට රුපියල් 60,000 ක් විතරයි ලැබුණේ.

ඒත් ඔබ බාර ගත්තා?

ඔව්. එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව වුණත් මට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක්වත් ලබා දීලා නෑ. මම මේ රටට ඇත්තටම ගේන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය, ගෞරවය ගෙනාවා. මම මෙහෙම කතා කරන්න ඕන නෑ. මම මගේ රටට ආදරෙයි. මම දරුවන් දෙන්නෙක් හැදුවා. මං ගොඩාක් දේවල් හොයා ගත්තා. මම ලස්සන ගෙයක් හැදුවා. මම නැති කරගෙන ලැබිච්ච දේවල් විනාශ කරගන්න කෙනෙක් නෙවෙයි. මගේ අම්මා තාත්තා අදටත් රැකෙන්නේ මගෙන්. මගේ පවුලේ සහෝදරියෝ හතර දෙනෙක් හිටියා.එයින් අක්කලා දෙන්නෙක් දැන් ජීවතුන් අතර නෑ. අවුරුදු තුනක් වෙනවා එක අක්කා කෙනෙක් නැති වෙලා. එයා නැති වුණේ පිළිකාවකින්. දෙවැනි අක්කා දියවැඩියා රෝගයෙන් මිය ගිහින් මාස එක හමාරයි. පවුලේ කෙනෙක් හැටියට මට අහක බලන්න බෑ. මම ඒ වෙනුවෙනුත් කැප වුණා. මම ගෙදර අයත් එක්ක හැමදාම ජීවත් වුණේ.

විවාහය දෙදරන්නත් ඒක හේතුවක් වුණා.

ඔව්. ඇත්ත වශයෙන්ම තාම අපි දෙන්නා නීතියට අනුව වෙන් නොවුණත් අපි දෙපැත්තක තමයි ජීවත් වෙන්නේ. මට ඒ නිසා නොයෙක් නින්දා අපහාස විඳින්නත් වුණා. ඒක මට විතරක් උරුම දෙයක් නොවේ කියලා මම හිතනවා. මට කවදාවත් මගේ මාපියො සහෝදරියො අත හරින්න බෑ. දරුවෝ දෙන්නගෙ බරත් කරට අරගෙන මම ජීවත් වෙද්දී තමයි ආණ්ඩුව පෙරළුණේ. ඊට පස්සේ නායකයා වෙනස් වුණා. ඒ එක්ක මම අසරණ වුණා.
නමුත් මගේ වියහියදම් එක්ක බැලූ විට මං රැකියාවක් කළ යුතුයි කියලා මට හිතෙනවා.

ඔබ කිව්වා මේ ආණ්ඩුව යටතෙත් රුපියල් 60,000 ක දීමනාවක් සමග ජොබ් එකක් ලැබුණා කියලා.

ඔව්, ඒක ලැබුණා. ගිය අප්‍රේල් මාසයේ ඉඳන් මගේ පඩිය නවත්තලා.ඔලිම්පික පදක්කමක් දිනපු මම හුඟාක් වෙලාවට මම කියන්නේ කොහොමද කෙනෙකුට ක්‍රීඩකයෙක් වෙන්න. ක්‍රීඩිකාවක් වෙන්න කියලා. ඇත්තටම ක්‍රීඩකයෙක් වෙලා ක්‍රීඩිකාවක් වෙලා ජීවත්වෙන්න බැරි නම් මොකද මම අවුරුදු උත්සවයේ ඉඳලා ඔලිම්පික් දක්වා දුවලා ඔලිම්පික් පදක්කමක් දිනපු ක්‍රීඩිකාවක්. ඒ මම දැන් ක්‍රීඩාවෙන් සමු අරගෙන අවුරුදු 9 යි. ඔලිම්පික් පදක්කම අරගෙන අවුරුදු 17ක්. ඒ මම අද ඉන්න තැන ගත්තොත් මටම කනගාටුයි. එහෙම බැලුවම මම කොහොමද තවත් කෙනෙකුට කියන්නේ ක්‍රීඩාව තෝරාගන්න කියලා. මම කරපු දේ තවත් කවුරුවත් කරල නෑ. අපිට එහෙම කරනවා වගේ අයින් කරන්න එපා.
මතක තියාගන්න මම බය නෑ. මට නැතිවෙන්න දෙයක් නෑ. මට තියෙන්නේ රටට ගෞරවය හා ජයග්‍රහණය ගෙනත් දීපු ඉතිහාසයක්. ඒ නිසා මට හරිම වේදනායි. ක්‍රීඩා අමාත්‍යාංශයේ මට තැනක් නැත්නම් මට තැන තියෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙ ද? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ද? මේ ක්‍රීඩා ඇමැතිට අමතක වුණාට එයා දැන් වර්තමාන ක්‍රීඩා ඇමැති. හැබැයි මම අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. ඒ නිසා මම එයාට නැවතත් කියනවා. එයා බුද්ධිමත් අමාත්‍යවරයෙක්. එයා හැම පැත්තෙන්ම දක්ෂයෙක්. එයාගේ ඥාන ශක්තියත් එක්ක එයා කල්පනා කළොත් මම කිව්ව දේ හරියට තේරුම් ගනීවි. ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය දේයි මම කිව්වේ.

ඔබ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?

ක්‍රීඩා බලධාරින් මට සලකන්නේ මේ තරම්ම පහත් විදියට නම් මට තියෙන ලොකුම සම්පත තමයි ඔලිම්පික් පදක්කම. මම ඒක වෙන්දේසියේ දානවා.

ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා?

ඔව්. මම වෙන මොනවා කරන්නද

ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දාලා?

මම යනවා ඕස්ටේ්‍රලියාවට. ඒ වගේ රටක් මාව පිළිගනීවි. මට ඊට වඩා දෙයක් කරන්න ඉතිරිවෙලා නෑ.

උපුටා ගැනීමකි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site