Home News Breaking වසරකට පසු අනුරට ඇප

වසරකට පසු අනුරට ඇප

177 views
SHARE

රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකව ඇප මත මුදා හරින ලෙස ඊයේ (02) කොළඹ ප්‍රධාන මහාධිකරණය ‍නියෝග කරනු ලැබුවා.

රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහුව මුදා හැර තිබෙනවා.

මෙහි එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට නියෝග දී තිබූ අතර විදෙස් ගමන් තහනම් කෙරුණා.

සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද අනුර සේනානායකට නියම කල බවයි වාර්තා වන්නේ.

දැඩි කොන්දේසි මත අනුර සේනානායකට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණය ඉදිරියේ විරෝධතාවයක් දක්වා තිබුනේ නෑ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site