Home News Sports ශූරයින්ගේ පළමු ගැටුමට සිංහයන්ගේ සූදානම

ශූරයින්ගේ පළමු ගැටුමට සිංහයන්ගේ සූදානම

250 views
SHARE

අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය අද පස්වරු 5.50ට දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත බවයි.

ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ශී‍්‍ර ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග කලකට පසු අද ශි‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩා කරන අතර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල කි‍්‍රඩා කරනු ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර නවසීලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර ඊයේ පැවති ඒ කාණ්ඩයේ තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසදුමකින් තොරව නිමාවට පත්විය.

ඒ අනුව කණ්ඩායම් දෙකට එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමි විය.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45 කදි සියල්ලන් දැවී ලකුණු 291 ක් රැස් කල අතර කේන් විලියම්සන් පන්දු 97 කදි ශතකයක් වාර්තා කලේය.

ජෝෂ් හැසල්වුඞ් ලකුණු 52 කට කඩුලූ 06 ක් බිද හෙලීය.

අයහපත් කාලගුණිය හේතුවෙන් තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීමට තරග තීරකයින් කටයුතු කලේය.

ඒ අනුව ඕස්ටේ‍්‍රලියාවට පන්දුවාර 42 කදී හිමි වූ ඉලක්කය ලකුණු 288 ක්.

තරගය අත්හැර දමන විට ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර නවයකදී කඩුලූ 03 ක් දැවී ලකුණු 53 ක් ලබාසිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site