Home News Breaking දෙනියකන්ද දෙවන වතාවටත් නාය යයි

දෙනියකන්ද දෙවන වතාවටත් නාය යයි

248 views
SHARE

අධික වර්ෂාපතනය හේතුවෙන් වලස්මුල්ල, දෙහිගහහේන, දෙනියකන්ද දෙවන වතාවට ඊයේ රාත්‍රියේ නාය යාමට ලක්වූණා.

ඒ හේතුවෙන් දෙනියකන්ද අවට පදිංචිව සිටි පවුල් 60කට අයත් පුද්ගලයින් 219 දෙනෙකු ආරක්ෂිත කඳවුරු වෙත යොමු කර තිබෙනවා.

මේ අතර, මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමග හැටන් දික්ඔය, වනරාජා වතුයායේ නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අනතුරෙන් නිවාස දෙකකට දැඩි හානි සිදුව ඇති අතර එම නිවාස වල පදිංචි පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවයි.

පවතින වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ ආරක්ෂිත බැම්ම කැඩී යාමේ අවදානමක් පවතින බවට පළ වන වාර්තා අසත්‍ය බවයි විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

ආපදා තත්ත්වයෙන් පසු මෙරට ජනතාවට සහන ලබාදීම සඳහා ඉන්දියාව, චීනය, ජපානය, ඊශ්‍රායලය, පාකිස්තානය ආදී රටවල් ඉදිරිපත් වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site