Home News Breaking සිරුරට විෂ කඩදාසිවලින් පෙළපොත් ලක්‌ෂ 5 ක්‌ මුද්‍රණය කරයි

සිරුරට විෂ කඩදාසිවලින් පෙළපොත් ලක්‌ෂ 5 ක්‌ මුද්‍රණය කරයි

227 views
SHARE

රුපියල් කෝටි පහළොවකට අධික මුදලක්‌ වැය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සින්තටික්‌ (කෘත්‍රීම) කඩදාසි පෙළපොත් ලක්‌ෂ පහක්‌ මුද්‍රණය කර ඇත්තේ ඒවා පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අධ්‍යයනයකින් තොරව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරනවා.

හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යා පෙළපොත මෙලෙස මුද්‍රණය කර ඇති අතර, මේ වන විට පොත් දෙලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ සිසුන් අතට පත් කර අවසන් බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික මුද්‍රණාලයකින් පෙළපොත මුද්‍රණය කර ඇති අතර, විශේෂ නිර්දේශයන්ට අනුව මුද්‍රණය නොකරන්නේ නම් වයස අවුරුදු 12 ක දරුවන්ගේ නිරන්තර පරිහරණය සඳහා වන පෙළපොත් මුද්‍රණයට මෙම කඩදාසි නිර්දේශ කළ නොහැකි බව නිගමනය කළ හැකි යැයි මීට අදාළව ජාතික ප්‍රමිති හා තාක්‌ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වනවා.

එම කඩදාසියේ ඇති අන්තර්ගත ඇතැම් සංයෝගයන් ළමයින්ගේ ඇසෙහි, සමෙහි තැවරීම උපද්‍රවකාරී වන බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන්ව තිබෙනවා.

එමෙන්ම ඇතැම් සංයෝග පෙනහලුවලට, අක්‌මාවට සහ ස්‌නායු පද්ධතියට විෂ විය හැකි යැයිද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site