Home News Sports ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු පළමු ජය

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු පළමු ජය

279 views
SHARE

2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ලකුණු 96 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුනා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට ආරාධනය කල අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 299ක් ලබාගැනීමට සමත්වුනා.

සිය 25 වන එක්දින ශතකය ලබාගනිමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 115 කදී හසීම් අම්ලා ලකුණු 103ක් ලබාසිටියදී දුවද්දී දැවී යාමකට හසුවී පිටියෙන් ඉවත්වුනා. පෆ් ඩු ප්ලෙසි ලකුණු 75 යි.
පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් ලකුණු 300ක ඉලක්කයක් හබාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 203 ක් පමණයි.

එහිදී නායක උපුල් තරංග 57 යි. එය ඔහුගේ 32 වන එක්දින අර්ධ ශතකය ද වනවා.
නිරෝෂන් දික්වැල්ල 41 යි. කුසල් පෙරේරා නොදැවී 44 ක් ලබා ගැනීමට සමත්වුනා.

ශූරයන්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය පැවැත්වෙන්නේ ලබන 8 වනදා ඉන්දියාවට එරෙහිවයි.

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews