Home News Breaking අපි දුෂණය අඩු කලා නෙමෙයි දුෂණය නැති කළා – රවී කරුණානායක ගේ...

අපි දුෂණය අඩු කලා නෙමෙයි දුෂණය නැති කළා – රවී කරුණානායක ගේ හෙළිදරව්ව

200 views
SHARE

පසුගිය කාලපාරාසය තුළ කඩා වැටී තිබූ රටේ ආර්ථිකය ගොඩනැගූ බව ඇමති රවී කරුණානායක පවසයි. ආණ්ඩුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම දුර්වල කමක් නොවන අතර දිගින් දිගටම බාධා ඇතිකිරීම තුළ ඇති සැබෑ දේශපාලන අරමුණ වටහා ගත යුතු බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව තුළ සිටින රෑ දනියෙල් දවල් මිගෙල් පිරිස් හෙළිදරව් කර ගත යුතු බවයි . අමාත්‍ය රවී කරුණානායක C News හි අශ් වරු සමග කළ දේශපාලන සකච්චාවයි මේ

මුදල් ඇමති ධුරය නැති වීම ගැන මොකද හිතෙන්නේ ?

මේක සදාකාලික තනතුරක් නෙමෙයිනේ .අපිට තියෙන්න ලැබෙන දෙයින් උපරිම සේවයක් රටට කිරීමයි . ඇතැමුන් පදනම් විරහිතව චෝදනා කලත් රාජපක්ෂ පාලනය විසින් වත්මන් ආණ්ඩුවට රට භාර දෙන විට ආර්ථිකය ගිල ගෙන සිටි සැබෑ තත්ත්වය බොහෝ දෙනෙක් දන්නේ නැහැ .අපි දුෂණය අඩු කලේ නැහැ අපි දුෂණය නැති කලා.

මුදල් ඇමති කම නැතිවෙන්න බලපෑ හේතුව කුමක්ද ?

ඊරිසියාවෙන් පෙලෙන පුද්ගලයන් ඉන්නවා .පක්ෂයේ නායකයා අපිව ආරක්ෂා කරන්න හැම වෙලේම කටයුතු කළා . ප්‍රධාන පක්ෂ එක එකතු වෙලා අපි රට‍ හදන්න ගෙන යන වැඩ පිලිවෙල කඩා දමන්නයි මෙයාලගේ බලාපොරොත්තුව .පක්ෂයක් ඇතුලේ මෙහෙම අය ඉන්න පුළුවන් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් නිසා පක්ෂය කැඩෙන්නත් පුළුවන්. කවුරුත් දුෂණය,වංචාව , අකරක්ෂමතාව, ඥාතිසංග්‍රහය ගැන මට චෝදනා කරන්නේ නැහැ. කටකතා ඇරෙන්න වෙන ඒවා නැහැ .ඉර්ශියාකාරයන්ගේ වැඩ වලින් රටට අහිතකර දේවල් වෙන්න හොද නැහැ. ජනාධිපති අගමැති යම් යම් අභියෝග වලට මුහුණ දෙන්න ඇති .මොනා වුනත් මේ අමාත්‍ය වෙනස වුනේ මගේ හොදට වූ දෙයක් ලෙස මම හිතනවා

නව “විදේශ අමාත්‍ය ධුරය” ගැන මොකද හිතෙන්නේ ?

මම ධනාත්මකව මේක ගන්නවා. අමාරුකාර්යක් මට භාර දී තිබෙනවා .ලංකාව ලෝකයට ගෙන ගොස් ලෝකය ලංකාවට ගේන්න ඕන.

ඔබ ඒකාබද්දයේ කුමන්ත්‍රණයකට හසු වුනා කියලා හිතනවද ?

ඒකාබද්ද කුමන්ත්‍රණයකට හසුවීම අපරාධයක්. නමුත් ආණ්ඩුව හසුරුවනකොට අපි බලාගෙන කටයුතු කරනවා. මම සුභාවදිව බලනවා. නමුත් එහෙම වෙනකොට මෙහෙම කුමන්ත්‍රණ තියෙනවද කියලා බලන්න නම් අවශ්‍යයි.

ඔබ මුදල් ඇමතිවරයා විදියට ගොඩ නැගු සැලසුම් වලට මොකද වෙන්නේ ?

ගොඩ නැගූ ආර්ථිකයක් තමයි මේ අය වට්ටන්න හදන්නේ. ඉලක්ක කරලා අපිට ගැහුවේ අපි හොරු කියලා පෙන්වන්න හැදුවේ එයාලගේ හොරකම මම නැති කල නිසා. මම දුෂණය අඩු කල එක නෙමෙයි නැති කල එකේ ප්‍රතිවිපාක මේක. මේ රට හදන්න බැරි එකම කරුණ තමයි දුෂණය නැති කරන්න යන පුද්ගලයට ගහන එක

ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තිය ඔබ කොහොමද දකින්නේ ?

ඉතාමත් ශක්තිමත්ව වර්තමාන රජය ඇති කරලා තියෙනවා . මම ඇමති මංගල කල කටයුතු වල වරප්‍රසාදය මම ඔහුට ලබා දෙනවා. දැන් තියෙන්නේ ඒවා ඉදිරියට රැගෙන යමින් මෙය ආර්ථික වටිනාකම් ගේන පැත්තට හැරවීම

තානාපති කාර්යාල ජනතාවට සේවය කරන ප්‍රමිතිගත තැනක් කිරීමට සැලසුමක් තිබෙනවද ?

අද සිට තියෙන තානාපති කාර්යාල ජනතාවට සේවය කරන්න මිසක් ඒ රට වල ගිහින් එහෙ නවාතැන් ගෙන සංචාරය කරන තැනක් නෙමෙයි.එහෙම වීමට ඉඩ දෙන්න නැහැ .බැරිනම් හරියට සේවයක් කරන්න ගෙදර යවනවා. තවම මම අධ්‍යනය කරනවා . ඒ නිසා කොහේ හරි අඩුපාඩුවක් තිබෙනවානම් ඒවා දැනුම් දෙන්න ඒවා සතුටින් භාර ගෙන නිවැරදි කරනවා

චීන ඉන්දීය ප්‍රතිපත්තිය ගැන ඔබේ අදහස කුමක්ද ?

ඉන්දියාව තමයි අපිට ඉන්න ලොකුම ශක්තිය ලොකුම මිත්‍රයා .එය මුල් කොට ගෙන චීනය ආයෝජන සමගත් කටයුතු කරනවා

ශ්‍රීලන්කන් ගුවන් සමගම , ලොතරැයි මණ්ඩලය ත් ඔබට එකතු වෙනවා නේද ?

ඔව් . මේවා ගැසට් කරගෙන යනවා ඉස්සහරට මේවයේ සැබෑ තත්වය පැවසිය හැකියි

විදේශ ආයෝජන ගෙන්වීම සම්බන්දයෙන් තිබෙන සැලසුමක්ද කෙබදුද ?

සම්පුර්ණයෙන් පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා . අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 10 ට වඩා අඩු වෙලා මෙය 20 දක්වා වැඩි කල හැකි ආයෝජන ස්වරුපයක් ගෙන ඒමට කටයුතු කල යුතුයි.

පිටරට වල සිටින ශ්‍රී ලාංකිකයන්ට ඔබට ලබා දෙන පණිවිඩය කුමක්ද ?

නැවත අපේ රටට එන්න .ඔබේ සේවය අපේ රටට අවශ්‍යයි . මේ රටේ තියෙන සම්පත ඔබ .අන්න ඒ නිසා එන්න තියෙන හොදම අවස්ථාව මෙය .ඒ නිසා රටක් හදන්න අළුත් ශ්‍රී ලංකාවක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න

සංවාද සටහන C News අශ් වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site