Home News Breaking ගංවතුරින් අවතැන් වුවන්ට කන්න දී ඔවුන්ගේ සහනාධාර වලට තට්ටු කරයි

ගංවතුරින් අවතැන් වුවන්ට කන්න දී ඔවුන්ගේ සහනාධාර වලට තට්ටු කරයි

289 views
SHARE

ගංවතුරින් සහ නායයාම් විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාවට බෙදාදීම පිණිස විහාරස්ථානයක ගබඩා කර තිබු රෙදිපිළි සහ බිස්කට් වර්ග ඇතුළු ක්‍ෂණික ආහාර තොගයක් ත‍්‍රිරෝද රථයකින් පැහැරගත් බව කියන තරුණයින් සිව් දෙනෙකු පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම් දීමක් මත අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසනවා.

සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරිම්වලින් පසු කිරිගල්පොත්ත කැළෑවේ දමා තිබූ සහනාධාර ද්‍රව්‍ය අඩංගු විශාල ප‍්‍රමාණයේ කවර තුනක් ද පොලීසිය විසින් සොයා ගත් බවයි වාර්තා වන්නේ.

මෙම සහනාධාර ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිනිය බාරයේ තිබූ ඒවා වූ අතර ඒවා තිබූ කාමරයේ දොරගුල කඩා නොතිබු බව පොලීසිය කියා සිටියා.

සහනාධාර තිබූ කාමරයේ යතුර ග‍්‍රාම නිලධාරිනිය සන්තකයේ තිබී ඇති අතර යතුර කෙසේ හෝ ඇගේ සන්තකයෙන් පැහැර ගෙන සොරකම කර ඇතැයි සඳහන්.

සැකකරුවන් සිව්දෙනාම පසුගිය දිනවල අවතැන්වූ පිරිස් සඳහා එම විහාරයේදී ආහාර පිසීමේ කටයුතු ඇතුළු සහන කටයුතුවලට කැපවීමෙන් කටයුතු කළ තරුණයන් සිව් දෙනෙකු බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site