Home News Business රටවල් 04ක් කටාර් සමඟ තිබු සබඳතා නතර කිරීමෙන් තෙල් මිල ඉහළට

රටවල් 04ක් කටාර් සමඟ තිබු සබඳතා නතර කිරීමෙන් තෙල් මිල ඉහළට

381 views
SHARE

සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට තීරණය කිරීමත් සමඟ අද (05) තෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

කටාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් ගත් තීරණය ලොව විශාලතම තෙල් සහ ගෑස් අපනයනකරුවන්ට දරුණු ලෙස බලපෑ ඇති බව සඳහන්.

ලොව ප්‍රමුඛතම මිණුම් ලකුණක් වන LCOc1 ට අනුව තෙල් බැරලයක මිල සියයට 1.1කින් ඩොලර් 50.48ක් දක්වා ඉහළ ගිය අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ CLc1 මිණුම්වලට අනුව තෙල් බැරලයක මිල සියයට 1කින් ඩොලර් 48.17ක් දක්වා ඉහළ ගියා.

කටාරය යනු ලොව විශාලතම ස්වභාවික ද්‍රව ගෑස් සැපයුම්කරුවා වන අතර අඩු ඝනත්වයකින් යුතු ද්‍රව ඉන්ධන සහ ස්වභාවික ගෑස්වලින් පිරිපහදු කරගන්නා නිෂ්පාදන සැපයුම්කරුවා ද වනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site