Home News Breaking දකුණ කැළඹූ “කොස්‌ගොඩ සුජීගේ” කල්ලියේ “රාජු” හා “රණා” කොටුවෙයි

දකුණ කැළඹූ “කොස්‌ගොඩ සුජීගේ” කල්ලියේ “රාජු” හා “රණා” කොටුවෙයි

211 views
SHARE

දකුණු පළාතම භීතියට පත්කරමින් කොස්‌ගොඩ, අහුන්ගල්ල, බළපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මිනිස්‌ ඝාතන 05 කට වැඩි ප්‍රමාණයක්‌ සිදු කළ කොස්‌ගොඩ ‘සුජී’ ගේ කල්ලියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු පෙරේදා (03 දා) රාත්‍රියේ ජාඇළ ඒකල හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ළඟ තිබී උණ්‌ඩ සමගින් ටී 56 ගිනි අවියක්‌ සොයා ගත් බවයි මෙහෙයුම දියත් කල බස්‌නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි සනත් සිල්වා හෙවත් “රාජු” සහ කොස්‌ගොඩ පදිංචි පද්මලාල් හෙවත් “රණා” නමැත්තන් බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ සඳහන් කරනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා ජාඇල ඒකල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත උතුරු දිසා අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ හෝටලය වටලා සිදුකළ සෝදිසියකින් පසු රාත්‍රි 10.40 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් සිටි කාමරයේ තිබී ටී 56 ගිනි අවියක්‌, මැගසින් එකක්‌ හා ජීව උණ්‌ඩ 07 ක්‌ ද යතුරුපැදියක්‌ ද අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පසුගිය මාසයේ (මැයි) 08 වැනිදා වැලිපැන්න ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතනයක්‌, මැයි 30 දා අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතනයක්‌, අහංගම ප්‍රදේශයේ මැයි 22 දා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක්‌ ඇතුළු අපරාධ රැසක තොරතුරු හෙළිකර ගැනීමට නිලධාරීන් සමත් වී තිබෙනවා.

සැකකරුවන් කොස්‌ගොඩ “සුජීව” නමැති පාතාල නායකයාගේ ගෝලයන් බවත් ඔවුන් දකුණේ මනුෂ්‍ය ඝාතන සිදුකර ආරක්‍ෂාව පතා ජාඇල ප්‍රදේශයට පැමිණ ඇති බවත් පොලිසියට තොරතුරු අනාවරණය වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site