Home News Breaking උතුරේ මසුන් මියයාමට හේතුව සොයා ගැනෙයි

උතුරේ මසුන් මියයාමට හේතුව සොයා ගැනෙයි

932 views
SHARE

නන්දිකඩාල් කලපුවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයාමට හේතුව එම ජලයේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් එහි ඔක්සිජන් ප්‍රතිශතය පහළ යාම බව හෙළිව තිබෙනවා.

නාරා ආයතනයේ පාරිසරික අංශයේ කණ්ඩායමක් කළ විමර්ශනයකින් අනතුරුව මේ බව හෙළිව තිබෙනවා.

පසුගිය දිනවල නන්දිකඩාල් කලපුව හා ඊට සම්බන්ධ තවත් කලපුවක් වන වට්ටුවාගල් කලපුවේ විවිධ වර්ගවලට අයත් මසුන් දහස් ගණනක් මිය ගොස් තිබෙනු දක්නට ලැබුණා.

මෙම සිද්ධියත් සැළවීමත් සමඟ අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇත්තේ නාරා ආයතනයේ පරීක්ෂණ කණ්ඩායමක් කැඳවා මේ පිළිබඳ විමර්ෂණයක් සිදු කරන ලෙසයි.

ඒ අනූව, නාරා ආයතනයේ පාරිසරික අංශ ප්‍රධානී අස්මිගේ ප්‍රධානත්වයෙන් යුත් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ(04) එහි විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එහිදී හෙළිවී ඇත්තේ මේ දිනවල එම ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් කලපුව සහ මුහුද අතර සම්බන්ධය බිදී මෝයකට වැලිවැටියකින් හරස් වී ඇති බවයි.

එම නිසා කලපුවේ ජලය අඩුවී, එහි උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ යාමට එය හේතුවී ඇති බවයි අනාවරණය වුණේ.

එමෙන්ම පසුගිය දිනවල එක්වරම ඇද හැලුණු වර්ෂාව නිසා කලපුවට විශාල වශයෙන් අපද්‍රව්‍ය එක්රැස් වීමද මසුන් මිය යාමට බලපා තිබෙන බව විමර්ශනයෙන් හෙළිව තිබෙන බව වැඩිදුරටත් සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site