Home News Breaking මහාධිකරණය සක්විතිගේ මුදල් ඇපය අඩු නොකරයි

මහාධිකරණය සක්විතිගේ මුදල් ඇපය අඩු නොකරයි

282 views
SHARE

සක්විති රණසිංහගේ මුදල් ඇපය අඩු නොකිරීමට කොළඹ මහාධිකරණය අද(05) තීරණය කරනු ලැබුවා.

“සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් සමාගමක් අරඹා වැඩි පොලී ලබාදෙන බව පවසා පුද්ගලයන් 206 ක් රවටා තැන්පත් කරගත් රු කෝටි 106කට වැඩි මුදලක් වංචා කිරීම ගැන නීතිපතිවරයා සක්විති රණසිංහ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුව අද(05) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

එහිදී විත්තියේ නීතිඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්නගෙන් ඉල්ලා සිටියේ ලක්ෂ 5ක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් ශරීර ඇප 4ක් නියම කර ඇති අතර මුදල් ඇපය ගෙවා ගත නොහැකි නිසා එය අඩු කර දෙන ලෙසයි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කියා සිටියේ අසරණ මිනිසුන්ගෙන් කෝටි 106 ක් වංචා කර සැඟවී සිට ඇති අයෙකුගේ මුදල් ඇපය අඩු නොකළ යුතු බවයි.

එමෙන්ම මුදල් තැන්පත් කළ පුද්ගලයන් අද උසාවියට පැමිණ ඇති නිසා ඇප දීම සක්විතිගේ ජීවිතයටද තර්ජනයක් වියහැකි බවද කියා සිටියා.

මේ නිසා ඇප මුදල අඩු කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ජූලි 11 නඩුව යළි කැඳවීමට නියම කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site