Home News International කාටාර් අර්බුදයේ නවතම තත්ත්වය

කාටාර් අර්බුදයේ නවතම තත්ත්වය

960 views
SHARE

තමන් සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට අරාබි රටවල් 6ක් ගෙන ඇති තීරණය සිය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමේ උත්සාහයක් බව කටාර් රජය පවසයි.

කටාර් රාජ්‍ය පෙන්වා දෙන්නේ, තමන්ට එරෙහව පදනම් විරහිත චෝදනා මුල් කරගනිමින් අදාළ රටවල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමේ තීරණයට එළැඹ ඇති බවයි.

කලක පටන් කාටර් රාජ්‍යයට හානි කිරීමේ යටි අඑමුණින් යුතුව සිතා මතා කරනු ලබන පෙළඹවීමේ වැයමක ඉලක්කයක් බවට කටාර් රාජ්‍ය පත්ව ඇති බව එරට විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

තමන්ට එල්ල වන චෝදනා බැහර කරමින් කාටාර් විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ක්‍රියාශීලි සාමාජිකයෙකු වන තමන් අනෙක් රටවල ස්වෛරීභාවයට ගරු කරන සහ අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන බවයි.

එමෙන් ම තමන් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමේ වගකීම ඉටු කරන රාජ්‍යයක් බව ද එමගින් අවධාරණය කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site