Home News Sports ඕස්ට්‍රේලියා හා බංග්ලාදේශ තරගයට වර්ෂාවෙන් බාධා

ඕස්ට්‍රේලියා හා බංග්ලාදේශ තරගයට වර්ෂාවෙන් බාධා

133 views
SHARE

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් එය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවා.

ඒ අනුව කණ්ඩායම් දෙකට එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 44යි පන්දු තුනක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 182ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව තරගය නවතා දැමීමටයි තරග විනිසුරුවරුන් තීරණය කළේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site