Home News Breaking අදත් වැසි සහිතයි – කලවානේ කඳු පන්ති 4 ක් නාය යෑමේ අවදානමක්

අදත් වැසි සහිතයි – කලවානේ කඳු පන්ති 4 ක් නාය යෑමේ අවදානමක්

133 views
SHARE

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විටත් පවුල් දෙලක්ෂ අට දහස් හයසිය හැටකට අයත් පුද්ගලයින් අට ලක්ෂ හාරසියයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මේ හේතුවෙන් 214 දෙනෙකු මිය ගොස් 79 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 7 කට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රත්නපුර කලවාන ප්‍රදේශයේ කඳු පන්ති 4 ක් නාය යෑමේ අවදානමට ලක්ව ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල පදිංචිව සිටින පවුල් 36 ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.

මේ අතර අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් වැඩි දුරටත් සඳහන් කළේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site