Home News Politics පුංචි ඡන්දෙට ලෑස්තිවෙන්න

පුංචි ඡන්දෙට ලෑස්තිවෙන්න

225 views
SHARE

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු තම අමාත්‍යංශ්‍ය අවසන් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා පවසනවා.

ඒ අනුව නුදුරේදීම පැවැත්වෙන මැතිවරණයට සියලූ පක්ෂ සුදානම් වන්නැයි ඔහු මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඊයේ කියා සිටියා.

ඇමැතිවරයා මේ බව පැවසූයේ 2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ පනතේ සංශෝධන සහිත පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමේ ලේකම්වරයා වෙත භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා.

“පළාත් පාලන මැතිවරණය කල් යාම පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශයටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ පනතට අනුව සීමානිර්ණ වාර්තාවේ ගැටලූ තිබු බැවින් අපට එහි සංශෝධන සිදුකරන්න යම් කාලයක් ගන්නට සිදුවුණා.

එම සංශෝධනද ඇතුළු මැතිවරණය සම්බන්ධ සියලූ ගැසට් පත‍්‍ර නිකුත් කර අවසන්.

ඒ වගේම පනතේ යම් තාක්ෂණික ගැටලූ කීපයක් මත සංශෝධන පනහක් පමණ කරන්නට සිදුවුණා.

මැතිවරණය කල් දමන්නේ බයේ කියලා සමහරු චෝදනා කරලා තිබුණා.

ඒ වගේම මැතිවරණය පවත්වන්නේ පරණ ක‍්‍රමයටද අලූත් ක‍්‍රමයටද කියලා සමාජයේ ප‍්‍රශ්න කිරිමක් තිබෙනවා.

මෙහි දෙගිඩියාවක් නැහැ, මැතිවරණ කල් දැමීමේ කිසිම වුවමනාවක් අපිට තිබුණේ නැහැ.

ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන්නේ අප මැතිවරණයේදී ජනවරම ලබාගත් පරිදි කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කරන්න කියලයි.

පැරණී ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම ජනමතයට එරෙහිව යාමක්.” යැයි ද ඔහු සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site