Home News Politics රජයේ ඇමතිවරුන්ට මඩ ගැසීමේ මධ්‍යස්ථානයක් ගැන රාජිතගෙන් හෙළිදරවුවක්

රජයේ ඇමතිවරුන්ට මඩ ගැසීමේ මධ්‍යස්ථානයක් ගැන රාජිතගෙන් හෙළිදරවුවක්

151 views
SHARE

රජයේ ඇමැතිවරුන්ට සංවිධානාත්මක වශයෙන් මඩ ගැසීමේ මධ්‍යස්ථානයක් ඇති බවත් මේ වන විට එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (7) සඳහන් කළා.

ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ නම සඳහන් කර ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කෙසෙල් ගෙඩි බෙදා දීමේ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.

එම ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවැසුවේ එම චෝදනාව සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කර ඇති බවයි.

තමා ගංවතුර ආධාර උපකාර බෙදන්නේ පාසල් යන කාලයේ සිට බවද ඔහු එහිදී කියා සිටියා.

රජයේ ඇමැතිවරුන් සිදුකරන බොහෝ ව්‍යාපෘති බලා සිට ඒවා ජනතාව හමුවේ විවේචනයට තුඩු දෙන ආකාරයෙන් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම මෙම මධ්‍යස්ථානය තුළ සිදුව ඇති බවද රාජිත සේනාරත්න පැවසුවා.

මේ සඳහා විශාල මුදලක් එම කණ්ඩායම විසින් විදයම් කරන බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site