Home News Breaking පිළියන්දලදී සිදු කල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු දැලේ

පිළියන්දලදී සිදු කල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු දැලේ

241 views
SHARE

මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධාරියෙකුට හා වෙළඳසලක සිටි පාසල් දැරියකට පිළියන්දලදී ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන දෙදෙනෙකු මිරිහාන විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මගින් අද(8) අලුත්ගම දර්ගා නගරයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙම එක් සැකකරුවෙක් දර්ගා නගරයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර අනෙකා අහුන්ගල්ලේ පදිංචි 27 හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ.

ඉකුත් මැයි 09 දා පිළියන්දලදී මෙම වෙඩි තැබීම සිදුවුණා.

සැකකරුවන් දෙදෙනා මෙම මස 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත්වරයා අද නියෝග කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site