Home News International අතුරුදන් වූ මියන්මාර යානයේ මගී සිරුරු හමුවීමට පටන් ගනියි

අතුරුදන් වූ මියන්මාර යානයේ මගී සිරුරු හමුවීමට පටන් ගනියි

245 views
SHARE

පුද්ගලයන් 122 දෙනෙකු සමග අතුරුදන් වූ මියන්මාර ගුවන් හමුදාවට අයත් මගී ප්‍රවාහන යානයේ සුන්බුන් සහ මගීන්ගේ මළ සිරුරු මුහුදේ තිබී හමුවෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.

විශේෂයෙන්ම අන්දමන් මුහුදු කලාපයේ තිබී මෙම සුන්බුන් හා මළ සිරුරු හමුවූ බවයි එරට හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ.

වයි-8 වර්ගයේ චීනයේ නිෂ්පාදිත යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ගමන් කර ඇති අතර, සෙසු පිරිස හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බව සඳහන්.

එමෙන්ම,මේ අතර කුඩා දරුවන්ද විශාල පිරිසක් සිට ඇති බව වාර්තා වනවා.

දකුණුදිග මෙයික් සිට යැන්ගොන් දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ යානයේ සුන්බුන් වෙරළාසන්න නගරයක් වූ දවේයි නගරයට ආසන්න මුහුදේ පා වෙමින් තිබු බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ වනවිට මළ සිරුරු 29ක් සොයා ගැනීමට හැකි වී ඇති අතර ඉන් 20ක් කාන්තාවන්ද බවත් දරුවන් 8ක් සහ පිරිමි මළ සිරුරක්ද ඒ අතර වන බවත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site