Home News Sports සිංහයන් ඉදිරියේ ඉන්දීය ක්‍රීඩකයින් දණ නමයි – ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සිංහයන් ඉදිරියේ ඉන්දීය ක්‍රීඩකයින් දණ නමයි – ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

323 views
SHARE

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලූ 06ක් දැවී ලකුණු 321ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු ශිකර් දවාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 125ක්. ඔහුගේ ඉණිමට හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

රෝහිත් ශර්මා ලකුණු 78ක් රැස් කරගැනීමට සමත් වුණා.

දෝනි ලකුණු 63යි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 70කට කඩුලූ 02ක් ලබා ගත්තා.

ඒ අනූව ලකුණු 322ක ඉලක්කයක් හඹා යාමට ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියා.

ලකුණු 322 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 48 යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එහිදී සිය පළමු එක්දින අර්ධ ශතකය ලබාගත් ධනුෂ්ක ගුණතිලක දැවී යන විට ලකුණු 76 ක් ලබා සිටියා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් පෙරේරා පිටියෙන් ඉවත්වු අතර ඔහු ඒ වන විට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 47 ක්.

කුසල් මෙන්ඩිස් 89 යි, නායක ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී 52 යි. අසේල ගුණරත්න නොදැවී පන්දු 21 කින් ලකුණු 34 ක් ලබාගත්තා.

ඒ අනුව කඩුළු 7කින් ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව සහභාගිවන මීලග තරගය එළබෙන සදුදා (12) දින පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site