Home News Breaking ත්‍රීරෝද රථ දෙකක් ගැටී කාන්තාවක් මරුට – ළමුන් දෙදෙනෙක් අතුරුදන්

ත්‍රීරෝද රථ දෙකක් ගැටී කාන්තාවක් මරුට – ළමුන් දෙදෙනෙක් අතුරුදන්

176 views
SHARE

මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ඊයේ රාත්‍රී 10.20ට පමණ මහවැලි ඇළට වැටී කාන්තාවක් මියගොස් තවත් ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙන බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථ දෙකක් පාලම මතදි මුහුණට මුහුණ ගැටීමෙන් එක් ත්‍රීරෝද රථයක් ඇළට වැටි ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කරදගහමඩ, අල්ලියද්දේ ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වුණා.

සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ 07 හැවිරිදි පිරිමි දරුවෙකු සහ අවුරුදු 02ක් වයසැති ගැහැණු දරුවෙකු බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

අතුරුදන්වූවන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site