Home News Breaking සුළගේ වෙනසක් සමඟ මුහුද රළුවෙයි – කාලගුණෙන් නිවේදනයක්

සුළගේ වෙනසක් සමඟ මුහුද රළුවෙයි – කාලගුණෙන් නිවේදනයක්

211 views
SHARE

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් අද (09දා) තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලට මද වැසි ඇති විය හැකි බවයි සඳහන් කෙරුනේ.

මීට අමතරව පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60-70දක්වා වර්ධනය විය හැකි හෙයින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කෙරුණා.

ඒ අතරම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 50දක්වා වර්ධනය විය හැකි හෙයන් ධීවර හා නාවික කටයුතුවල නිරත ප්‍රජාව විමසිල්ලෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site